ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් සියළු දෙනා ඇමති ධුර අතහැරීමේ සූදානමක් පිළිබද මේ වනවිට වාර්තා වේ.
එජාප ය සමග එකතු වීම නිසාවෙන් තම පාක්ෂිකයන්ගේ ඇල්මැරුණු ස්භාවය නැති කර නව ජවයකින් යුතුව මහා මැතිවරණයට මුහුණ දීම මෙහි අරමුණ බව සදහන් වේ.
මේ සම්බන්ධ ඉගියක් සුරියවැව ජනහමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාද පැවසීය.
ඔහු සූරියවැවදී ජනහමුවක් අමතමින් කියා සිටියේ 20 වන සංශෝධනය සම්මත කල වහාම ශ්‍රිලනිපයේ සියළු දෙනා ඇමති ධුර අත්හරින බවයි.
පළවැනි එක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය.දෙවැන්න නව ඡන්ද ක්‍රමයක් සදහා 20 වන ව්‍යවස්ථා සංශෝධනය. එම සම්මත කල වහාම අපි සියල්ල මේ ඇමතිකම් අතහරිනවා.








