FAST NEWS

24×7 Around the Globe

ලොව සරාගී ම ජෙමිනොයිඩ් එෆ් කාන්තාව.(වීඩියෝ)

සාමාන්‍යයෙන් සුවිශේෂි අවස්ථාවලදී සුවිශේෂි චරිත සමග ඡායාරූප ගැනීම සුලභ දෙයක් මේ වනවිට සෙල්ෆි ගැනීම දක්වා වර්ධනය වී අවසන් ය.

එහෙත් පසුගිය දා චීනයේ පැවති බීජිං තාක්ෂණික සමුළුවේදී එලෙස තරුවක් බවට පත් වූයේ කාන්තා හැඩරුව සහිත ජෙමිනොයිඩ් එෆ් රොබෝ යන්ත්‍රයයි.

රබර් සමක් සහිත මෙම ඇන්ඩ්‍රොයිඩ් රොබෝ යන්ත්‍රයට කතා කිරීමට ගායනා කිරීමට පමණක් නොව රංගනයේ යෙදීමට ද හැකියාව පවතී.

බීජිං තාක්ෂණික සමුළුවේදී කාගේත් අවධානය දිනා ගත් මෙම නිර්මාණය බොහෝ දෙනා හැඳින්වූයේ, ලොව සරාගී ම රොබෝ යන්ත්‍රය ලෙසිනි.

ඇය ගැන සිතුවොත් කතා කිරීමට හැඟීම්වලට ප්‍රතිචාර දැක්වීමට හැකි ජෙමිනොයිඩ් එෆ් අනාගතයේදී සන්නිවේදන සේවා සැපයුම් අංශයේ ප්‍රබල භූමිකාවේ ඉටුකරනු ඇතැයි, විශ්වාස කෙරේ.

[youtube url=”https://www.youtube.com/watch?v=RUp4eRmuEGM” width=”560″ height=”315″]