ජනප්‍රිය ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නිළි උදයන්ති කුලතුංග මෙනවිය ඇතුළු 20 දෙනකුගේ ආදායම් බදු වාර්තා පරීක්ෂා කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය රහස් පොලිසියට ඊයේ (30) අවසර ලබාදී තිබෙනවා.
මත්කුඩු ජාවාරමෙන් රුපියල් කෝටි ගණනක මුදල් සහ දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් 8 දෙනකු පිළිබඳ සිදු කළ විශේෂ විමර්ශනයේදී උදයන්තිත් මේ අතර සිටිනවා.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස්පතිවරයාගේ නියෝගය යටතේ මේ විමර්ශනය සිදුකෙරෙනවා.
එම විමර්ශනයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කළ ඉල්ලීමකට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස අවසර ලබා දී තියෙනවා.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් මේ සිද්ධියට අදාළ තවත් පුද්ගලයන් 16 දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගත් බව අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
ඉතින් මේ විමර්ශනයට අනුව දැනට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති සැකකරුවන් හා විමර්ශනයේදී හඳුනාගෙන ඇති පුද්ගලයන් 20 දෙනකු ආදායම් බදු ගෙවීමක්කර තිබේද යන්න ගැන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කර ඊට අදාළ ලේඛන භාර ගැනීම සඳහා ප්‍රකාශ සටහන් කිරීමට අවශ්‍යව ඇති බව රහස් පොලිසිය අධිකරණයට දන්වලා.
එම ලේඛන ලබා ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි රහස් පොලිසිය ඉල්ලා ඇත්තේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම පුද්ගලයන්ගේ ආදායම් බදු වාර්තාවලට අදාළ ලේඛන රහස් පොලිසිය වෙත ලබාදෙන ලෙස දේශීය ආදායම් කොමසාරිස්වරයාට නියම කර තිබෙනවා.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.