FAST NEWS

24×7 Around the Globe

සුපිරි කී‍්‍රඩක ජෝනා ලොමූට වෙනස්ම ආකාරයේ සමුදීමක් .(වීඩියෝ)

වකුගඩු රෝගයකින් පීඩා විඳිමින් සිටි නවසීලන්තයෙන් බිහි වූ සුපිරි රග්බි කී‍්‍රඩකයෙකු වන ජෝනා ලොමූ පසුගියදා මිය ගියා. මිය යන විට ජෝනා ලොමුගේ වයස අවුරුදු 40ක් වන අතර වසර කිහිපයක් තිස්සේ ඔහු වකුගඩු රෝගයකින් පීඩා විඳිමින් සිටියා.එම කාලය තුළදී තරග 73කට සහභාගි වී ඇති ජෝනා ලොමූ උත්සාහක දිනුම් 43ක් රැස්කර ගෙන තිබෙනවා.

ජෝනා ලොමූ මිය යන තෙක්ම කී‍්‍රඩාවේ යෙදී සිටියා. 1994 වසරේ සිට 2002 වසර දක්වා නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඔහු අමරණීය මතකයන් තැබූවෙක් 2004 වසරේදී ඔහුට වකුගඩුවක් බද්ධ කෙරුණු නමුත් 2011 වසරේදී එයද අකි‍්‍රය වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඔහුගේ අවසන් කටයුතු කෙරුණු දවසේ නවසීලන්ත පිළේ සිටි ක්‍රීඩකයින් පිරිසක් විසින් අවසන් ගෞරව දැක්වූවා. ඒ හකා නර්තනයක් ඉදිරිපත් කිරීමෙන්

එම සංවේදී වීඩියෝව පහතින් බලන්න

[youtube url=”https://www.youtube.com/watch?v=qeKAKy0XWFA” width=”560″ height=”315″]