FAST NEWS

24×7 Around the Globe

කොටි සැමරීමට ලෝකයේ ඉඩ දුන් රටවල් ලැයිස්තුව මෙන්න.

මියගිය කොටි සැමරීම සඳහා රටවල් නවයක්‌ (09) ඉඩදී ඇත.

මේ අතර මුල්වරට කටාර් හා ඉන්දුනීසියාවේද කොටි සමරු උත්සව පවත්වා තිබේ.

ප්‍රංශය, ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය, නෝර්වේ, ඇමරිකාව, කැනඩාව සහ බ්‍රිතාන්‍ය යන රටවල මෙම කොටි සමරු උත්සව පවත්වා ඇත.

ඇමරිකානු රජය කොටි සංවිධානය තහනම් කර ඇතත් ඇමරිකාවේ ග්ලේත් ඕක්‌ පාසලේදී කොටි සමරු උත්සවය පවත්වා ඇතැයි ඇමරිකානු ආරංචි මාර්ග හෙළි කළේය. මෙම උත්සවවලදී මියගිය කළුකොටි බෝම්බකරුවන්ට ආචාරද පුද කර තිබේ.