FAST NEWS

24×7 Around the Globe

සන්ජේ සහ කරිෂ්මා නැවතත් එකතු කරන්න දැඩි උත්සාහයක්.

අනූව දශකයේ දී ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන සුපිරි තරුවක් බවට පත්වූ කරිෂ්මා කපූර් අද බොලිවුඩ් සිනමාවෙන් ඈත්වෙලා. 2003 දී සන්ජේ කපූර් නම් වූ දිල්ලි නුවර ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු සමඟ විවාහ වූ කරිෂ්මා, ඉන් පසුව බොලිවුඩ් ලොවට එක්වුණේ නැහැ. ඇය දැන් දෙදරු මවක්. සන්ජේ-කරිෂ්මා යුග දිවය අස්ථාවර වුණේ පළමු දරුවා ලැබීමෙන් පසුවයි.

ඉන්පසුව දෙවැනි දරුවා ලැබීමෙන් පසුව දෙදෙනා වෙන්වුණා. මේ වෙන්වීමට හේතුව සන්ජේ ගේ අනියම් ප්‍රේමයක් බවයි හෙළිවුණේ. ප්‍රියා චට්වාල් නමැත්තියක සමඟ තිබූ මේ සබඳකම කරිෂ්මා දැන ගත් පසුව දෙදෙනාගේ යුග දිවිය දෙදරා ගියා.දෙදෙනා දෙපසට වී කාලය ගත වුණා. සන්ජේගේ බලාපොරොත්තුව වුණේ ප්‍රියා චට්වාල් විවාහ කර ගන්නටයි. කරිෂ්මා ද වෙනත් විවාහයකට නෙත් යොමුකළා. ඇය ව්‍යාපාරිකයකු වන සන්දීප් ටොෂ්නිවාල් සමඟ විවාහ වෙන්නට යන බවට කටකතා පැතිරී ගියා. ඒ කොහොම වෙතත් එක්තරා අවස්ථාවකදී සන්ජේ සහ කරිෂ්මා එකට හමුවුණා. ඒ, ඔවුන්ගේ දියණියගේ පාසලේ විවිධ
ප්‍රසංගයකදීයි. එම ප්‍රසංගයේදී සමෙයිරා දියණිය ඉදිරිපත් කළ නර්තනය සන්ජේත් කරිෂ්මාත් නැරඹුවේ එක ළඟ හිඳගෙනයි. ඒ, 2014 නොවැම්බර් මාසයේදීයි. ඉන් පසුව මෑතකදී සන්ජේ ගේ පියාණන් ගේ අභාවය සිදුවූ දින කරිෂ්මා පැමිණ සිටිනු දක්නට ලැබුණා. කෙසේ වෙතත් එම දිනවලදී කරිෂ්මා සහ සන්ජේ මුණ ගැසුණත් දෙදෙනා අතර කතාවක් බහක් නොතිබූ බවයි පැවසේනනේ. දෙදෙනා නිත්‍යනුකූලව වෙන්වන්නට නීතිය ඉදිරියේ එකඟ වන්නට සූදානම්ව සිටියා. ඒත් පසුගිය සතියේ බොලිවුඩ්පුරෙන් ලද ආරංචියක සටහන් වුණේ සන්ජේ නැවතත් කරිෂ්මා සමඟ යුග දිවිය ගත කරන්නට කැමැත්තක් දක්වන බවයි.

සන්ජේ සහ කරිෂ්මා යුවළ නැවතත් එකතු කරන්නට දැඩි උත්සාහයක් ගන්නා අයෙකු සිටිනවා. ඒ තමයි, සන්ජේ ගේ මව, රාණි කපූර්.