FAST NEWS

24×7 Around the Globe

පොළොන්නරුවට වැටුණු උල්කාපාත පරීක්ෂණයෙන් පසු ලෝකයේම අවධානය ලංකාව දෙසට.

පොළොන්නරුව – අරලගංවිල – කුඩාවැව වෙල්යායට පතිත වූ උල්කාපාත කොටස්වල හඳුනාගත නොහැකි ජීවින් කොටසක් සොයාගෙන ඇති බව රුසියානු පරීක්ෂණාගාරයක් විසින් සිදු කළ නවතම පරීක්ෂණවලින් හෙළි වී ඇත.

ඒ අනුව එම උල්කා කොටස්වල තිබී යුරේනියම්, තෝරියම් සහ ටයිටේනියම් වැනි විරල ලෝහ හඳුනා ගැනීමට හැකි ව ඇති බව තාරකා ජීව විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

ඉකුත් 2012 වසරේ කුඩාවැව වෙල්යායට පාෂාණ කොටස් කිහිපයක් පතිත වූ අතර පසුව සිදු කළ පරීක්ෂණවලින් හෙළිවූයේ ඒවා උල්කාශ්ම කොටස් බවයි.

එම උල්කාශ්ම කොටස්වල තිබී නිර්වායු ශ්වසනය කරන නවතම බැක්ටීරියා ප්‍රභේද දෙකක් ද හඳුනා ගත් බව එම අවස්ථාවන්හි දී නාසා ආයතනයේ කීර්තිමත් මහාචාර්යවරයෙකුවන රිචඩ් බිං හූවර් පරීක්ෂණ සිදු කරමින් කියා සිටියේ ය.

එලෙස සිදු කළ නවතම පරීක්ෂණවලට අනුව ලෝකයේ විද්‍යාඥයින්ගේ අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු වී තිබේ.