FAST NEWS

24×7 Around the Globe

සුනිල් නාරායන්ට පන්දු යැවීමේ තහනමක් පනවයි.

කොදෙව් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක සුනිල් නාරායන් වහාම ක්‍රියාමත්වක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම තහනම් කළ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බවට තහවුරු විමත් සමගිනි. ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලියේදී නාරීන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බවට අයි.සී.සීයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එහිදී කරනු ලැබූ පරීක්ෂණවලින් අණාවරණය වී ඇත්තේ නාරීන් පන්දු යැවීමේදී අංශක 15 රීතිය කඩකරන බවයි.

නාරීන් මේ වන විට අන්තර්ජාතික එක්දින හා විස්සයි20 තරගවලදී අංක එක ස්ථානයේ රැඳි සිටින පන්දු යවන්නා වෙයි.