FAST NEWS

24×7 Around the Globe

අප්පච්චිගේ කාලේ හිටපු හැටි විජයමුණි සොයිසා හෙළි කරයි.

වාර්මාර්ග හා ජල කළමණාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඊයේ (27)පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී කියා සිටියේ මහින්ද රාජපක්ෂ සමයේදී කැබිනට් මණ්ඩලය නියෝජනය කළ තමා ඇතුළු සියලූම දෙනා කසාය බීපු ගොළුවන් සේ කටයුතු කල බවයි.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ කීවේය.

‘අද අපේ පක්ෂයේ විමධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වෙනවා.අපේ පක්ෂයේ කාලයක් තිබුණා ගොළුවෝ කසාය බිව්වා වගේ හිටපු කාලයක්.
ඒ තත්වය අද වෙනස් වෙලා නිසා පක්ෂයේ නායකයා නිදහස දිලා තියෙනවා කැමති තීරණයක් ගන්න .ඒ නිසා අය වැය සම්බන්ධයෙන් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රිවරුන්ට කැමති මතයක් ඉදිරිපත් කළ හැකියි.’