FAST NEWS

24×7 Around the Globe

බී.පී.එල් – තිසර හා මුණවීර වැඩිම ලකුණු ලාභීන් පස්දෙනා අතරට.

බංගලාදේශ ප්‍රීමීයර් ලීග් ක්‍රීකට් තරගාවලියේ ඊයේ (26)ඉ පෙරවරු වන විට වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයේ ඩිල්ෂාන් මුණවීර රැඳි සිටියි.

තරග තුනකදි ඉනිම දෙකක් ක්‍රීඩා කරමීන් ලකුණු 100ක් ලබා සිටින මුණවීර චිතගොං වයිකින්ස් පිලට එරෙහිව ලබාගත් ලකුණු 64 ඔහු මෙම තරගාවලිය තුළ මෙතෙක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.

මෙ වන විට ලකුණු 153ක් ලබා සිටින තමිමී ඉක්බාල් වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයේ පසුවේ.

මීට අමතරව රංග්පුර් රයිඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන තිසර පෙරේරා ලකුණු 95ක්  ලබා ගනීමින් පස්වැවනි තැන හා තරග 4ක් ක්‍රීඩා කර කඩුළු 6ක් ලබාගෙන වැඩිම කඩුළු ලාභීන් අතර සිවිවන ස්ථානයේ පසුවේ.