FAST NEWS

24×7 Around the Globe

බිලින්ග්ස්ගේ සුපිරි පිතිකරණයෙන් පාකිස්තානය පරදා එංගලන්යට විස්සයි විස්ස ජයක්.

සත්කාරක පාකිස්තාන කණ්ඩායම පරාජය කර ඩුබායිහි ඊයේ (26දා) පැවති පළමු විස්සයි20 තරගය ලකුණු 14කින් ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 1 – 0ක් ලෙස එංගලන්තය පෙරමුණේ පසුවෙයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලකුණු 160 ක් රැස්කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146ක් පමණි.

අංක 06 පිතිකරුවා ලෙස පිටියට පිවිස පන්දු 25කදී වේගවත් ලකුණු 53 ක් රැස්කළ සෑම් බිලින්ග්ස් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.

download

download (1)