FAST NEWS

24×7 Around the Globe

ප්‍රියමාලි WTC එකටත් පොලු තියලා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් බිලියන ගණනක මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින තිලිණි ප්‍රියමාලි ලෝක වෙළද මධ්‍යස්ථානයේ සිය කාර්යාලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට මාස 08ක් තිස්සේ කුලී ගෙවා නැති බව හෙළිවී ඇත.

34 වෙනි මහලේ පිහිටි එම කාර්යාලයේ කුළිය රුපියල් ලක්ෂ 16කි. ඒ අනුව මාස 08ක කුලී මුදල වන්නේ රුපියල් ලක්ෂ 128කි.

ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලෙහි 34 වෙනි මහල ඇයට කාර්යාලයක් පවත්වාගෙන යාමට ලබාදෙන විට මාස 12ක තැන්පතුවක් තබාගෙන ඇති බැවින් ලෝක වෙළද මධ්‍යස්ථානයේ පරිපාලනයට මෙමගින් පාඩුවක් සිදුව නොමැති බව බව සඳහන්ය.