FAST NEWS

24×7 Around the Globe

කම්පාලා අගනුවරින් තවත් ඉබෝලා රෝගීන් 9ක්

(ෆාස්ට් නිව්ස් |  උගන්ඩාව) – උගන්ඩාවේ කම්පාලා අගනුවර තවත් ඉබෝලා රෝගීන් නවයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව පසුගිය දින දෙක තුළ කම්පාලා අගනුවරින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගිය බවයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ(24) පැවසුවේ. .

ඉකුත් සැප්තැම්බර් මාසයේ දී මධ්‍යම උගන්ඩාවේ ග්‍රාමීය ප්‍රදේශයක මුලින් ම ආසාදිතයින් වාර්තා වීම සටහන් වූ අතර, කස්සන්ද දිස්ත්‍රික්කයේ සිට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කම්පාලා අගනුවරට පැමිණි පසුව එම පුද්ගලයා මිය ගොස් තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරනේ, ඉකුත් ඉරිදා ඉබෝලා සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ නව දෙනාගෙන් හත් දෙනෙකු ම මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් වන බවයි.