FAST NEWS

24×7 Around the Globe

නිළි අක්ෂා රට යන්න ඉල්ලයි.

ඉන්දීය ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 14කට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාවට ලක්ව ඇප ලබා සිටින ටෙලි නාට්‍ය නිළි අක්ෂා සුදාරි විදෙස්ගත වීම සඳහා කරන ලද ඉල්ලීමක් අධිකරණය විසින් ඊයේ(26)ප්‍රතික්ෂේප කළා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත මෝසමක් ඉදිරිපත් කරමින් අක්ෂා සුදාරි ඉල්ලා තිබුණේ පුද්ගලික කටයුත්තක් සඳහන් ඉන්දියාවට යාමට අවසර දෙන ලෙසයි.

විදෙස්ගත වීමට එරෙහිව විරෝධතා ඇත්නම් දෙසැම්බර් 4 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

ඇය ඉන්දියාවේ ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් ඉල්ලාගෙන එම මුදල් නැවත ඔහුට නොගෙවා ඇති බවත් ඇය ඔහුව මගහරින බවත් දක්වමින් එම ව්‍යාපාරිකයා සිදු කළ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව පවරා තිබෙනවා.