(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාව විසින් යුක්රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවෙන් අනතුරුව යුක්රේනයට අවශ්‍ය සහාය ලබාදීමට G-07 කණ්ඩායමට අයත් ධනවත් රටවල නායකයින් එකඟතාව පළකර ඇති බව වාර්තා වනවා.
යුක්රේනයට අවශ්‍ය හමුදා භටපිරිස් සහ මානුෂිය ආධාර අඛණ්ඩව ලබාදීමට එම රටවල් එකඟතාව පළකර ඇති බව සඳහන්ය.
එමෙන්ම යුක්රේනයට අවශ්‍ය සහාය ලබාදීමට ද NATO සංවිධානයට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
රුසියාව විසින් යුක්රේනය හරහා මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබුවා.
මේ හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.









