ලංකාවේ සමලිංගික විවාහයක්…

ලංකාවේ සමලිංගික විවාහයක්…

පදවි සිරිපුර වැලිඔය පදිංචි  නමැති කසුන් දිසානායක (සැබෑවටම කාන්තාවකි) පුවත්පතක මංගල දැන්වීමක් පළ කර එමගින් දැන හඳුනාගෙන 2007 වසරේ වැලිගම උඩුකාව ප‍්‍රදේශයේ පදිංචි එක්දරු කාන්තාව සමග නීත්‍යනුකූලව විවාහ වී තිබේ.පළමු විවාහයෙන් එක් දරුවෙකු සමග අසරණවී සිටි මෙම කාන්තාව ඔහු ගැන වැඩිදුර සොයා නොබලා විවාහවී ඇති අතර පිරිමි වෙසින් පෙනී සිටි කාන්තාව කොළඹ ප‍්‍රදේශයේ මේසන් වැඩ කරන බව කියමින් නිවසට පැමිණ ඇත්තේ වරින්වරයි.

විවාහයෙන් පසු තම සැමියා වැඩි කාලයක් කොළඹ සිටි බවත් එහි සිට මුදල් එවන බවත් නිවසට එන්නේ කලින් කලට බවත් කියන මෙම පැමිණිලිකාරිය පවසා ඇත. කෙසේ නමුත් විවාහ වී වසර 08ක් ගත වුනද තමා අසළට කිසිම අවස්ථාවක ස්වාමියා ස්පර්ශ කරන්නවත් නොපැමිණි බවද ඇය කියා ඇත.

පසුගිය කාලයේ සැමියාගේ වෙනසක් දුටු බවත් මුදල් එවීම නතරවී ඇත් බැවින් තමා අපහසුතාවයට ලක්ව ඇති බව කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇත. ඒ පිළිබඳව බිරිඳ හා පුරුෂයා කැඳවා පොලිසිය විභාග කිරීමේදී හැඳුනුම්පත් පරීක්ෂාවේදී අනාවරණය වූයේ වංචනික ලෙස හැඳුනුම්පත සකස් කර ඇති බවත් සැකකාරිය පිරිමියකු ලෙස ජාතික හැඳුනුම්පත සකස් කර ව්‍යාජ ලෙස විවාහ වී ඇති බවත්ය.

30 හැවිරිදි වියේ පසුවන සැකකාර කාන්තාවගේ සැබෑ නම කුසුම් දිසනායක වුවත් කසුන් දිසානායක ලෙස එම නම ඇය වෙනස් කරගෙන තිබුනි

මේ සම්බන්ධව අත්අඩංගුවටගෙන ඇයව මාතර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය වෙත ඊයේ (26) ඉදරිපත් කිරීමෙන් පසු ලබන මස 4 වන දින දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට නියෝග කලාය.