වැඩිම ඉල්ලුමක් ඇති සෞදියේ රටඉඳි

වැඩිම ඉල්ලුමක් ඇති සෞදියේ රටඉඳි

(ෆාස්ට් නිව්ස් | සෞදි අරෙබියාව) – වැඩි රසයකින් හා පෝෂණීයත්වයකින් හෙබි ලොව ඉතාමත් ජනප්‍රිය ආහාරයක් ලෙස රටඉඳි සැලකිය හැකිය. සෞදි අරාබිය යනු රටඉඳි වගා කිරීමේ හා අපනයනය කරන රටවල් අතරින් ප්‍රථම ‍ස්ථානය ගන්නා රටකි.

සෞදි අරාබියේ රියාද් අගනුවරින් සැතපුම් 220ක් ඈතින් පිහිටි බුරායිදාහ් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන බුරායිදා රටඉදි උත්සවය (Buraydah Date Festival) වඩාත් ඉහළ ගුණාත්මක බවකින් යුත් රටඉදි සොයන රසවතුන් සහ ගැනුම්කරුවන් අනිවාර්යයෙන්ම රොක්වෙන උත්සවයකි. මෙය සෑම වසරකම අගෝස්තු සහ නොවැම්බර් අතර කාලය පුරා බුරායිදා රටඉඳි උත්සවය නමින් පැවැත්වෙයි.

සෑම දිනකම පෙරවරු 5.00ට ආරම්භ වන මෙම උත්සවය වෙත රටඉඳි නිෂ්පාදකයෝ ට්‍රක් රථවල පුරවාගත් සිය නිෂ්පාදන ටොන් ගණනින් රැගෙන එති. එම ට්‍රක් රථ වලම සිටම කෑගසමින් මිල ගණන් කියමින් ඒවා අලවි කෙරේ.

මේ වෙත පැමිණෙන බොහෝ පිරිස් රටඉඳි මිලදී ගැනීම පමණක් නොව, ඒවායේ ඇති විවිධත්වය පිළිබඳව ඉගෙනීමටද මෙය අවස්ථාවක් කර ගනී.

මෙම රටඉඳි අතරින් වඩාත් ජනප්‍රියතම වර්ගය වන්නේ Sukkari (පැණිරස) රටඉඳියි. දෙවනියට ජනප්‍රියතම රටඉඳි වර්ගය වන් Ajwa හම් රටඉඳියි. Khals නමින් හැඳින්වෙන්නේ තෙවැනියට ජනප්‍රියතම රටඉඳි වර්ගයයි.