FAST NEWS

24×7 Around the Globe

ලංකා ක්‍රිකට් කණ්ඩායම දළදා මාලිගයට

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – ආසියානු කුසලානයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන ඊලඟ අභියෝගාත්මක තරඟාවලිය T 20 ලෝක කුසලානයයි. එය එළඹෙන ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය සඳහා සූදානම් වෙන පුහුණු කඳවුරකට සහභාගී වෙමින් මහනුවර ප්‍රදේශයේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ලෝක කුසලානයට ඕස්ට්‍රේලියාව බල පිටත්ව යෑමට ප්‍රථම මහනුවර දලදා මාලිගාවට ගොස් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගෙන ඇත.