FAST NEWS

24×7 Around the Globe

ජෝ බයිඩන් ට අමතකවුණා ද?

(ෆාස්ට් නිව්ස් | වොෂින්ටන්) – සම්මන්ත්‍රණයකට සහභාගී වී සිටිද්දී, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මියගිය මන්ත්‍රීවරියක එම සම්මන්ත්‍රණයේ සිටිනවාදැයි විමසීම රැස්ව සිටි කාගේත් පුදුමයට හේතුවක් විය.

සම්මන්ත්‍රණය පැවැත් වූයේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙනි. ජනාධිපති ජෝ බයිඩන් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකි. බයිඩන් විමසා සිටියේ රිපබ්ලිකන් මන්ත්‍රීවරියක වන ජැකී වොලොර්ස්කී සමුළුවට සහභාගී වූවන් අතර සිටිනවා ද යනුවෙනි.

ජැකී වොලොර්ස්කී පසුගිය අගෝස්තු 3 වැනිදා රිය අනතුරකට ලක් වී මියගියාය. බයිඩන් සමුළුව අතරතුරේ ‘ජැකී, ජැකී ඔබ කොහෙද?’ යනුවෙන් විමසමා සිටියේ, ඇය මියගිය බව බයිඩන්ට අමතක වී තිබුණු නිසා යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.

(එන්.ඩී.ටීවී.)