FAST NEWS

24×7 Around the Globe

එඩ්වඩ් ස්නෝඩන් හට රුසියාවේ පුරවැසි භාවය හිමි වෙයි

(ෆාස්ට් නිව්ස් |  රුසියාව) – එක්සත් ජනපද ඔත්තු සේවා කොන්ත්‍රාත් කරුවකු වන එඩ්වඩ් ස්නෝඩන් (Edward Snowden) හට රුසියාවේ පුරවැසි භාවය ලබා දී තිබේ.

ඔහුට පුරවැසිභාවය ලබා දී ඇත්තේ රුසියාවේ ජනපති පුටින් විසින්.

ජාතික ආරක්ෂක ඒජන්සියේ රහස් ඔත්තු මෙහෙයුම්වල දත්ත මොහු විසින් ලොවට හෙළි කරන ලද්දේ මින් වසර නවයකට පෙරය.

මොහු මීට පෙර රුසියාවේ සරණාගත භාවය ලබාගෙන තිබුණි.