FAST NEWS

24×7 Around the Globe

උගන්ඩාවෙන් ඉබෝලා රෝගීන් 16ක් වාර්තාවෙයි

(ෆාස්ට් නිව්ස් | උගන්ඩාව) – මාරාන්තික ඉබෝලා වෛරසය වැළඳුණු 16 දෙනෙකු උගන්ඩාවෙන් වාර්තා වී තිබෙනවා.

මේ වනවිටත් ඉබෝලා රෝගය උගන්ඩාවේ දිස්ත්‍රික්ක තුනක පැතිරී ඇති බවයි එරට රජය ප්‍රකාශ කර ඇත්තේ.

වෛරසය පැතිර යාම වැළැක්විම සඳහා මේ දක්වා එන්නතක් සොයාගෙන නැහැ.

අප්‍රිකානු මහද්වීපය කේන්ද්‍ර කොටගෙන පැතිරී යන මාරාන්තික ඉබෝලා වෛරස් රෝගය හේතුවෙන් මේ දක්වා 14,823 දෙනෙකු මියගොස් තිබෙනවා.