FAST NEWS

24×7 Around the Globe

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට තමන් අනුමැතිය ලබාදුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

අමාත්‍යවරයාගේ අනුමැතිය ලද සංචිතය නුදුරේදී ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එම සංචිතය ඔක්තෝබර් මාසයේ මුල් සතියේ පල්ලෙකැලේ පැවැත්වෙන පුහුණු කඳවුරකින් අනතුරුව තරගාවලිය සඳහා පිටත්ව යාමට නියමිතයි.

එළඹෙන ඔක්තෝබර් 16 වැනි දා ආරම්භ වන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සහ අයර්ලන්තය සමඟ පෙරහුරු තරග දෙකකට ද සහභාගි වීමට නියමිතයි.