FAST NEWS

24×7 Around the Globe

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී දුමින්දට – වජිරට ඇමැතිධූර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරුන්ටද ඇමැති ධූර පිරිනැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

කැබිනට් අමාත්‍යවරුන් තවත් 12 දෙනකු ඉදිරි දිනවල පත් කිරීමට නියමිතය.මෙම දෙදෙනා ඇතුළත් වන්නේද එම ලයිස්තුවටය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකුට රාජ්‍ය අමාත්‍යධුරද පසුගියදා පිරිනැමිණ.

චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න , රංජිත් සියඹලාපිටිය,සුරේන් රාඝවන්, ශාන්ත බණ්ඩාර සහ ජගත් පුෂ්පකුමාර රාජ්‍ය අමාත්‍ය ධූර හිමිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්
හය දෙනාය.

කැබිනට් අමාත්‍යවරුන් ලෙස ඉදිරියේදී පත් කිරීමට නියමිතව සිටින වැඩිදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු වෙති.