(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2022 ආසියානු ක්‍රිකට් ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (13) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේ ය.
අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ රථ පෙළපාලියකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත රැගෙන ඒමට නියමිතය.
ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනාගත් 06වෙනි අවස්ථාව මෙය වේ.
අවසන් වරට ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ජයග්‍රහණය කරනු ලැබුවේ 2014 වර්ෂයේ දීය.
ඩුබායිහිදී පැවති තරගයේ කාසියේ වාසියේ හිමි කරගත් පකිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
එ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගැනීමට සමත් විය.
සුපිරි පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ ලකුණු 71ක් නොදැවී ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර පන්දු වාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණි.







