FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීලයේ මගී බෝට්ටු අනතුරකින් 11ක්‌ මරුට

(ෆාස්ට් නිව්ස් | බ්‍රසීලය) – මරාජෝ දූපතේ සිට බ්‍රසීලයේ උතුරු දිග පිහිටි පාරා නගරය වෙත ගමන් කළ මගී බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයින් 63 දෙනෙකු ගලවාගෙන ඇති අතර, තවත් පිරිසක් අතුරුදන්ව තිබෙනවා. තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.