FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති කවුද ?

(ෆාස්ට් නිව්ස් |  බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රමාත්‍ය ධුරයට පත් වන නව පුද්ගලයා කවුරුන්ද යන තීරණය අද (05) දහවල් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයා නම් කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිණ අතින් හෙට (06) පත්වීමට ලබාදෙනු ඇත.

ඉන්දීය සම්භවයක් සහිත හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් සහ වත්මන් විදේශ කටයුතු අමාත්‍යවරිය වන ලීසා ට්‍රස් මේ සඳහා තරග වැද තිබෙනවා.

අග්‍රමාත්‍ය ධුරය හිමිවන්නාට පාලක කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය හිමිවීම බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදායයි.

කෙසේ වෙතත් මෙහි වැඩි වාසිය හිමිව ඇත්තේ ලීසා ට්‍රස්ට බවයි එරට මාධ්‍ය වාර්තා අදහස් පළ කරනවා.

ජනතාවගේ විශ්වාසය සහ ආර්ථික අර්බුදය මැඩපැවැත්වීමට අසමත්වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවීම සමග එම තනතුර පුරප්පාඩු වීමක් සිදු වුණා.