FAST NEWS

24×7 Around the Globe

සඳ ගමන දෙවන වරටත් කල් දමයි

(ෆාස්ට් නිව්ස් |  ඇමෙරිකාව) – මිනිසුන් රහිත ඔරියන් කැප්සියුලය රැගත් ආටෙමිස් රොකට්ටුවේ මංගල සඳ ගමන යළි කල් දැමූ බව, අමෙරිකානු නාසා ආයතනය නිවේදනය කළේ.

ඊට හේතුවී ඇත්තේ රොකට්ටුවේ සිදුවන ඉන්ධන කාන්දුවකි.

නාසා ආයතනය නිවේදනය කළේ, සැප්තැම්බර් 19 ත් 30 ත් අතර කාලසීමාවේ දෙවැනි දියත් කිරීම සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

ඔක්තෝබර් 17 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලය, දියත් කිරීමේ තුන්වැනි කාලවකවානුව ලෙස නම්කර ඇත.

රොකට්ටුවේ ප්‍රධාන එන්ජින් හතරෙන් එකක් අසාමාන්‍ය ලෙස රත්වීමකට ලක්වන බව ද, නාසා ආයතනය ප්‍රකාශ කර තිබේ.

රොකට්ටුව දියත් කිරීම දැක බලා ගැනීමට අමෙරිකාවේ ෆ්ලෝරීඩා වෙරළ තීරයට විශාල පිරිසක් රැස්ව සිටියත්, ඔවුන්ගේ අපේක්ෂාවන් බොඳව ගියේ ය.

ඉදිරි පරම්පරාවේ රොකට්ටුව ලෙසින් හඳුන්වන මෙම සඳ ගමන කල් දැමුණේ දෙවැනි වරටයි.

නාසා ආයතනය නිර්මාණය කළ බලවත්ම රොකට්ටුව ලෙස මිනිසුන් රහිත ඔරියන් කැප්සියුලය හැඳින්වේ.

සඳ වටා කක්ෂගත කෙරෙන ඔරියන් කැප්සුලයෙන් අනාගතයේදී ගඟනගාමීන් රැගෙන යා හැකි බව මේ හරහා තහවුරු කිරීමට නියමිතය.