(ෆාස්ට් නිව්ස් | යුරෝපය) – ලෝක සෞඛ්‍ය සංවිධානය වඳුරු උණ පිළිබද නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. එහි පෙන්වාදී ඇත්තේ මේ වනවිට යුරෝපයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.
එමෙන්ම ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවද පහත වැටී ඇති බව ඔවුන් පෙන්වාදෙනවා.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ යුරෝපයෙන් මන්කිපොක්ස් තුරන් කළ හැකි බවයි.









