බේකරි නිෂ්පාදන මිල තවදුරටත් ඉහළ යන ලකුණු

බේකරි නිෂ්පාදන මිල තවදුරටත් ඉහළ යන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සතුව දැනට පවතින තිරිගු පිටි තොග වෙළඳපලට මුදාහරින ලෙස අද (30) දිනයේදී ලිඛිත ඉල්ලීමක් කරන බව වෙළඳ, වාණජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

තිරිගු පිටි ආනයනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ තිරිගු පිටි ආනයනකරුවන් අතර සාකච්ඡාවක් ද ඊයේ (29) පවත්වා තිබෙනවා.

තිරිගු පිටි ආනයනය සීමා කිරීම නිසා වෙළඳපලේ පවතින තිරිගුපිටි හිගය සමබන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

තිරිගු පිටි නිෂ්පාදන මිල ගනණ් සහ ධාරිතාවන් පිළීබඳ තිරිගු පිටි ආනයනකරුවන්ගෙන් වාර්තාවක් ලබාගන්නා ලෙසට වෙළඳ අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී ඇත.

පවතින තිරිගු පිටි හිගයත් සමග කිලෝ ග්‍රෑම් 50 තිරිගු පිටි මිටියක මිල මේවනවිට රුපියල් 20,000 දක්වා ඉහළ ගොස් ඇත.

ඉන්දියාව හරහා තිරිගු පිටි ආනයනය නතර වීම මෙම තත්ත්තවයට බලපා ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

තුර්කිය හරහා තිරිගුපිටි ගෙන්වීමට සති 02 ක පමණ කාලයක් ගතවනු ඇති බව ද වාර්තා වනවා.

පවතින තිරිගු පිටි හිගය හේතුවෙන් ඉදිරියේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමින්ගේ සංගමය පවසනවා.