FAST NEWS

24×7 Around the Globe

සටන ඉදිරියටත් ගෙන යන බව යුක්රේන ජනපති කියයි

(ෆාස්ට් නිව්ස් | යුක්රේනය) – රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ඉදිරියටත් සටන් සිදු කරන බව යුක්රේන ජනපති වොල්ඩමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

ඒ ඊයේ (24) දිනයට යෙදී තිබූ එරට නිදහස් දිනය වෙනුවෙන් ප්‍රකාශයක් සිදු කරමින්.නිදහස් දිනට ප්‍රථම රුසියාව සිය රටට ප්‍රහාරයක් දියත් කරනු ඇති බවට යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.

එය සැබෑවක් කරමින් එරට දුම්රිය ස්ථානයක් ඉලක්ක කර රුසියාව එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු මියගොස් තිබුණා.