(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිටි ග්‍රීන් ඉකෝ ලොජ් සුපිරි හෝටල් සංකීර්ණය හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතාගේ තුන්වැනි පුත්‍රයා වන රෝහිත රාජපක්ෂට අයත් එකක් බව තහවුරු වී තිබේ.
ගින්නෙන් පසු මෙම හෝටල් සංකීර්ණය මහන්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අයත් එකක් බවට වාර්තා වූ නමුත් ඔහු එම වාර්තා ප්‍රතික්ෂේප කළත් එය තම සහෝදරයාගේ බව ප්‍රකාශ කළේ නැත. එමෙන්ම රෝහිත රාජපක්ෂ මහතා මේ වන විට කිසිදු තනතුරක සේවය කරන බවට වාර්තා නොමැත.









