FAST NEWS

24×7 Around the Globe

ගෝඨා එන දිනය තහවුරු නෑ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට තායිලන්තයේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 24 දා දිවයිනට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වුවත් ඔහු එදිනට ලංකාවට පැමණීමක් සිදු නොවන බව වාර්තා වෙයි.

එසේම ඔහු නැවත ලංකාවට පැමිණෙන දිනයක් පිළිබඳව තොරතුරු වාර්තා නොවෙයි.

මේ අතර හිටපු ජනපතිවරයා ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා හා සාකච්ඡා කර ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.