දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජශාලාවක තරුණයින් 22ක් හදිසියේ මරුට

දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජශාලාවක තරුණයින් 22ක් හදිසියේ මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු අප්‍රිකාවේ නැගෙනහිර ලන්ඩන් නගරයේ ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවකදී තරුණයින් 22දෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇත. අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ මූලිකත්වයෙන් අප්‍රිකානු බලධාරීහු පරීක්ෂණ පවත්වති.

මෙලෙස මිය ගිය අය ශීත ඍතුවේ පාසල් විභාග අවසන් වීම සැමරීම සඳහා සාදයකට සහභාගි වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් මෙය ඝාතනයක් නොවන බව දකුණු අප්‍රිකානු පොලිසිය සදහන් කර තිබේ.

සාදයේ දී මත්‍ද්‍රව්‍ය සමඟ විෂ ද්‍රව්‍යයක් ශරීරගත වී මෙම මරණ සිදුවන්නට ඇතැයි සැක පළ කරයි.

මිය ගිය අයගෙන් වැඩි දෙනෙකු නව යොවුන් වියේ පසුවන අවුරුදු 18ත් 20ත් අතර වයස්වල පසුවන්නන්වේ.

ප්‍රාදේශීය පුවත්පතක් වන ඩේලි ඩිස්පෑච් වාර්තා කළේ, සිරුරු මේස සහ පුටු පුරා විසිරී ඇති අතර කිසිදු තුවාලයක් දක්නට නොලැබෙන බවයි.

මේ අතර දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රනපොසා සිය ශෝකය ප්‍රකාශ කරමින් සදහන් කර ඇත්තේ වයස 18ට අඩු තරුණ තරුණියන් රාත්‍රී සමාජ ශාලාවලට රැස්වීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වන බවයි.