FAST NEWS

24×7 Around the Globe

මන්කි ෆොක්ස් වසංගතය අන්තර් ජාතික අවධානයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මන්කි ෆොක්ස් වසංගතය අන්තර් ජාතික අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්ද යන්න පිළීබඳව සොයා බැලීමේ සාකච්ඡාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය පවත්වා තිබේ.

පසුගියදා පැවැති රැස්වීවේදී රෝගය පිළිබඳ වත්මන් තොරතුරු විශ්ලේෂණය කර ඇති අතර ඊට ලොවපුරා විද්‍යාඥයන් රැසක්ද සහභාගී වී ඇතැයි වාර්තා වෙයි.

එම සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්‍රෝස් අදනම් ග්‍රෙබියස් ප්‍රකාශ කර ඇත්තේ එම සාකච්ඡාවේ ප්‍රතිඵල අධ්‍යනය කර දින කිහිපයක් ඇතුළත එම වසංගතය සම්බන්ධයෙන් හදිසි තත්වයක් ප්‍රකාශ කරන්නේද යන්න පිළීබඳව තීරණය කරන බවයි.