INSEE සිමෙන්ති මෙරට රක්ත හීනතාවෙන් පෙළෙන වකුගඩු රෝගීන් සඳහා EPO එන්නත් පරිත්‍යාග කරයි

INSEE සිමෙන්ති මෙරට රක්ත හීනතාවෙන් පෙළෙන වකුගඩු රෝගීන් සඳහා EPO එන්නත් පරිත්‍යාග කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   INSEE සිමෙන්ති සමාගම විසින් වර්තමානයේ මෙරට පවතින ඖෂධ හිඟයට යම් පිළියමක් ලෙස Erythropoietin (EPO) එන්නත් මාත්‍රා 10,000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත  භාරදීමට කටයුතු කරන ලදී.

මෙරට ග්‍රාමීය ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) පෙළෙන රෝගීන්ගේ රක්තහීනතාවයට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ඖෂධවල අවශ්‍යතාව පිළිබඳව දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කළ හදිසි ඉල්ලීමකට අනුව INSEE සිමෙන්ති (ශ්‍රී ලංකා)සමාගමේ මව් සමාගම වන තායිලන්තයේ සියම් සිටි පොදු සමාගම (Siam City Cement Public Limited)විසින් රුපියල් මිලියන 40 ක් වටිනා මෙම ඖෂධ තොගය පරිත්‍යාග කෙරිණි.

මෙම ඖෂධතොගය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත නිල වශයෙන් භාරදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන හා වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන් සහභාගි වූඅතර,එම අවස්ථාවට තායිලන්ත තානාපති පොජ් හර්න් පොල්හා රාජකීය තායි තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් පීරපත් ටොන්ග්‍රොඩ් යන මහත්වරු සමගින්, INSEE සිමෙන්ති පාර්ශ්වය නියෝජනය කරමින් එම සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක සහ බාහිර කටයුතු සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී චන්දන නානායක්කාරයන මහත්වරු සහභාගි වූහ.

COMMENTS

Wordpress (0)