ඇෆ්ගනිස්ථායේ භූකම්පනයක් – මියගිය ගණන 1,000 ඉක්මවයි

ඇෆ්ගනිස්ථායේ භූකම්පනයක් – මියගිය ගණන 1,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇෆ්ගනිස්ථානයේ අද අලුයම ඇතිවූ ප්‍රබල භූකම්පනයකින්, 1,000 අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවත් 1,500 කට අධික පිරිසක්, තුවාල ලබා ඇති බව සදහන් වේ.

ඇෆ්ගනිස්ථානයේ කෝස්ට් නගරයේ සිට කිලෝමීටර් 44ක් දුරින් මෙම භූකම්පනය හටගෙන තිබුණි. රික්ටර් මාපක 6.1ක ප්‍රභලත්වයකින් යුක්ත වූ මෙම භූකම්පනය පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට ද දැනුණු බව වාර්තා වේ.

භූමි කම්පාවෙන් පසුව සිදු වූ නිවාස කඩාවැටීම් හේතුවෙන් පුද්ගලයන් බහුතරයක් මියගොස් තිබේ.

නිවාස සිය ගණනක් මුලුමනින්ම විනාශ වී ඇතැයි ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නායක හයිබතුල්ලා අකුන්ඩ්සාඩා පවසයි. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද ඔහු සඳහන් කරයි.

භූ කම්පනය එහි අපකේන්ද්‍රයට කිලෝමීටර් 500ක් පමණ දුරින් පිහිටි පකිස්ථානයට සහ ඉන්දියාවට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බොහෝ ග්‍රාමීය ප්‍රදේශවලට නිසි සන්නිවේදන පහසුකම් නොමැති වීමෙන්, ගලවා ගැනීමේ කටයුතු සහ සහන සැලසීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ඇෆ්ගනිස්ථාන බලධාරින් පවසයි.

COMMENTS

Wordpress (0)