එක්දින තරඟාවලි ජයග්‍රහණයට ජනපතිගෙන්  සුබ පැතුම්

එක්දින තරඟාවලි ජයග්‍රහණයට ජනපතිගෙන් සුබ පැතුම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරඟාවලියේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සුබ පැතුම් එක් කර ඇත.

ජනාධිපතිතුමා ට්විටර් සටහනක් තබමින් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැක්වූ ක්‍රීඩාශීලිත්වය විශිෂ්ට බවයි. එමෙන්ම මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ලබා දුන් සහයෝගයට ලාංකේය ජනතාව වෙනුවෙන් කෘතඥතාව පළ කර ඇත.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති සිව්වැනි එක්දින තරගය ලකුණු 04කින් ජයගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය.

COMMENTS

Wordpress (0)