FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශ ජනපතිට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතාගේ නායකත්වයෙන් යුත් පාලක පක්ෂයට එරට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වෙයි.

ඊයේ පැවති මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය ජය ගත්තද පැවති ආසන ගණනාවක් අහිමිවී තිබේ.

මැක්‍රෝන් මහතා ජනාධිපති ධුරයට නැවත තේරි පත්වී මාස දෙකකටත් අඩු කාලයක් තුළ පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවීම විශේෂත්වයකි. ඔහුගේ රජයේ කැබිනට් ඇමතිවරුන් රැසකට සිය ආසන අහිමි විය.

අලුතින් පිහිටුවාගත් වාමාංෂික සන්ධානය දෙවන ස්ථානයට පත්ව සිටි.