ජෝ බයිඩන් බයිසිකලෙන් බිමට වැටෙයි

ජෝ බයිඩන් බයිසිකලෙන් බිමට වැටෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ පාපැදියෙන් ඇදවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය ප්‍රචාරය කර ඇත.

අමෙරිකා ජනාධිපතිවරයා නිවාඩුවක් ගත කිරීම සදහා ඩෙලවෙයාර් ප්‍රදේශයේ රෙහෝබෝත් වෙරළ තීරයට පසුගියදා පැමිණ තිබුණි. එහිදී ඔහු පාපැදියෙන් ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මාධ්‍යවේදීන් හා ප්‍රදේශයේ ජනතාව සමග සුහද කතාබහක නිරතවීම සදහා පාපැදිය නවත්වා ඉන් බැසීමට යාමේදී ජනාධිපතිවරයා ඇදවැටී ඇත.

කෙසේ වුවද අනතුරෙන් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බව ධවල මන්දිරය නිවේදනය කරයි.

ජනාධිපතිවරයා 45 වන විවාහ සංවත්සරය සැමරීම සදහා එම ප්‍රදේශයට පැමිණ සිටි බව සදහන්වේ.

79 හැවිරිදි ජනාධිපතිවරයා ඇද වැටීමෙන් පසු වහාම නැගිටින ආකාරය දක්නට ලැබෙන අතර අනතුරුව ඔහු ප්‍රකාශ කරන්නේ “මම හොඳින්” යනුවෙනි.

“පැඩලයේ ඇඟිලි රඳවන තුළ මගේ පාදය හසු වුණා” යනුවෙන් ඔහු පැවසීය.

COMMENTS

Wordpress (0)