FAST NEWS

24×7 Around the Globe

පාප් වහන්සේ විදෙස් සංචාර කල් දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ජූලි මාසයට අදාළ සියලු විදෙස් සංචාරයන් වහාම කල් දැමීමට තීරණය කර තිබේ.

85 හැවිරිදි උන්වහන්සේගේ දණ හිසේ හටගෙන ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

ඒ අනුව ජූලි මස 2 වනදා ආරම්භවීමට නියමිත තිබු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අප්‍රිකානු සංචාරයන් අවලංගු කර ඇත.පාප් වහන්සේ කොංගෝ සහ දකුණු සුඩානය වෙත යාමට සැලසුම් කර තිබූණි.

මේ සම්බන්ධයෙන් අප්‍රිකානු ජනතාවගෙන් තමන් සමාව ඇයැද සිටින බව පාප් වහන්සේ නිවේදනය කර තිබේ.

වතිකානුව පසුගිය සිකුරාදා පැවසුවේ සංචාරය කල් දමා ඇති නමුත් නව දිනයක් නියම කර නොමැති බවයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේට හට ගෙන ඇති දණහිසේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ මාසයකට අධික කාලයක් රෝද පුටුවක් භාවිතා කරන අතර, ඔහුගේ දකුණු දණහිසේ ඇති ආබාධය හේතුවෙන් ඇවිදීම සහ සිටගෙන සිටීම දුෂ්කර වී ඇත.