FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඝාතන සැලසුමක් ව්‍යර්ථ වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ට වෙඩි තැබීමට පුද්ගලයෙක් විසින් උත්සාහ දරා ඇත.

සල්මන්ගේ නිවස ආසන්නයේ දී මෙලෙස ඔහුට වෙඩි තැබීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නිවස අසල පාපැදියක ගමන් කරමින් සිටියදී මෙලෙස ඔහුට වෙඩි තැබීමට උත්සහ දරා ඇති අතර, එය ව්‍යාර්ථ වී තිබේ.

හොකී පිත්තක සැඟවූ තුවක්කුවක් රැගත් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වේ.

වෙඩික්කරු ලෝරන්ස් බිෂ්නෝෂි නමැත්තාගේ මැර කල්ලියට අයත් කෙනෙකු බවට සඳහන් ය. සල්මන් ඛාන් පාපැදි ධාවනය ට ආරක්ෂකයින්ගෙන් තොරව ගමන් කරන බව හදුනාගෙන මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක අංශ පවසයි.

ලෝරන්ස් බිෂ්නෝෂි කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට සහ ඔහුගේ පියා වන ලේඛක සලීම් ඛාන්ට තර්ජනය කරමින් ලිපියක් භාර දී ඇතැයි ද මුම්බායි පොලිසිය ප්‍රකාශ කළේය.