FAST NEWS

24×7 Around the Globe

නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට එල්ල වූ දැවැන්ත ප්‍රහාරය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් තිබේ.

දේවස්ථානයේ ඉරිදා පැවැති දිව්‍ය පූජාවක් අතරතුර තුවක්කුකරුවන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මිය ගිය පිරිස අතර කාන්තාවන් සහ ළමයින් වන බව සදහන් වේ.

තුවක්කුකරුවන් දේවස්ථාන ගොඩනැගිල්ලෙන් පිටත සහ ඇතුළත සිටි පිරිසට වෙඩි තබා, බැතිමතුන් ඝාතනය කර තුවාල කළ බව ඔන්ඩෝ ප්‍රාන්තයේ පොලිස් ප්‍රකාශකවරයා පවසයි.

ප්‍රහාරකයන්ගේ අනන්‍යතාවය සහ හේතුව අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් දේවස්ථානයේ බිෂොප්වරයා සහ පූජකවරුන් නිරුපද්‍රිතව දිවි ගලවා ගෙන ඇත.