(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
මීට පෙර කාර්තික් ආර්යන්, කත්රිනා කයිෆ් සහ ආදිත්‍ය රෝයි කපූර්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ විය.
අක්ෂේ කුමාර් ද පසුගියදා කොවිඩ් 19 ආසාදනයෙන් පසු සුවය ලබා තිබුනි.
ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තොරතුරු අනාවරණ වුව ද ඔහු ප්‍රතිකාර ලබන රෝහලක් හෝ නිරෝධායනයට ලක්වන ස්ථානයක් ගැන මෙතෙක් නිශ්චිතව හෙළිව නොමැත. .
ගතවූ දින කිහිපය තුල බොලිවුඩ් තරු කිහිප දෙනෙකුටම වෛරසය ආසාදනය වූ බවට කරුණු වාර්තා වූ අතර වෛරසයට ගොදුරු වූ නවතම සාමාජිකයා වන්නේ ෂාරුක් ඛාන්ය.









