FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ පුරාවස්තු තමිල්නාඩු රජයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය වසර 8 තුළ රජය විසින් පුරාවස්තු 228 ක් නැවත ඉන්දියාවට ගෙනවිත් ඇත

ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය යන රටවල් විසින් බදාදා නවදිල්ලියේ දී තමිල්නාඩු ප්‍රාන්ත රජය වෙත පසුගිය වසර තුළ ලබාගත් පුරාවස්තු 10ක් නැවත වෙත භාර දෙන ලදී.

ඉන්දියාවේ තමිල්නාඩු රජය වෙත භාරදී ඇති පුරාවස්තු අතරට ද්වාරපාල, නටරාජා, කන්කලමූර්ති කඩයම්, නදිකේශ්වර කඩයම්, සිවු අතැති විෂ්ණු, ශ්‍රී දේවි, සිව සහ පාර්වතී, හිටිවන ළමා සම්බන්ධර් සහ ළමා සම්බන්ධර් යන රූප ඇතුළත් බව සංස්කෘතික අමාත්‍යාංශය පවසයි.

මෙම පුරා වත්තු භාර දෙන අවස්ළුාවට ඉන්දීය සංස්කෘතික හා සංචාරක අමාත්‍ය කිෂාන් රෙඩ්ඩි සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන මීනක්ෂි ලේඛි, අර්ජුන් මේග්වාල් සහ එල් මුරුගන් යන අය සහභාගී විය. මෙම උත්සවය නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාතික කලා මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් ජනපදයේ සිදු කළ සංචාරයේදී පුරාවස්තු 157ක් ඉන්දියාවට භාර දුන්නේය. එතෙක් මෙතෙක් ඉතිහාසය තුල ලද විශාලතම පුරාවස්තු තොගය මෙය බව ඉන්දීය සංස්කෘතික හා සංචාරක අමාත්‍ය කිෂාන් රෙඩ්ඩි පෙන්වා දුන්නේය.

ඉන්දීය රජයේ තිරසාර උත්සාහයෙන් පුරාවස්තු 228 ක් ආපසු ගෙන එන ලදී.2013 අතර කාලය තුළ පුරාවස්තු 13 ක් පමණක් නැවත ඉන්දියාවට ගෙන එන ලදී. “පසුගිය වසර 8 තුළ ඉන්දීය රජය විසින් ජාතික උරුම පුරාවස්තූන් 228 ක් ආපසු ගෙනවිත් ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.