FAST NEWS

24×7 Around the Globe

‘තුර්කිය’ සිය රටේ නම වෙනස් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තුර්කිය සිය රටේ නම වෙනස් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඉංග්‍රීසි භාෂාවේදී ‘ට(ර්)කි‘ යන නමින් හැඳින්වූ තුර්කිය මින් ඉදිරියට ඉංග්‍රීසි බසින් හැඳින්වෙන්නේ ‘තුර්කියේ‘ ලෙසිනි. ‍‍‍

එරට රජය විසින් සිය නම වෙනස් කළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත විධිමත් ලිපියකින් දැනුම්දීමත් සමඟ එම සංවිධානයේ අනුමැතිය ද ඊට හිමිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ජනාධිපතිවරයා පවසන්නේ ‘තුර්කියේ‘ යන නම හරහා සිය රටේ ජනතාවගේ සංස්කෘතිය, ශිෂ්ඨාචාරය හා සාරධර්ම නියෝජනය වන බවයි.