(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනය විසින් ලබාදීමට පොරොන්දු වූ යුවාන් මිලියන 500 ක ආධාරයේ පළමු කොටස ලබන සිකුරාදා (03) දිනයේදී දිවයිනට ළගාවීමට නියමිත බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.
පසුගිය 03දා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පවසා තිබුණේ පවතින අපහසු සමයේදී ශ්‍රී ලාංකික ජනතාවට අත්‍යවශ්‍ය ආහාරපාන, ඖෂධ හා ඉන්ධන සඳහා ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 300ක ආධාරයක් කිරීමට චීනය පියවර ගන්නා බවයි.
ඒ අනුව, චීනය විසින් ලබාදී ඇති හදිසි ආධාර යුවාන් මිලියන 500ක් දක්වා ඉහළ ගොස් ඇත.







