සුරංග ලක්මාල්  කඩුලු පහක් බිඳ හෙළයි

සුරංග ලක්මාල් කඩුලු පහක් බිඳ හෙළයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

එංගලන්තයේ ඩර්බිෂයර් පිල නියෝජනය කරන ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රීඩක සුරංග ලක්මාල් ප්‍රාන්ත ක්‍රිකට් තරගයක දී ප්‍රථම වරට ඉනිමක දී කඩුලු පහක් බිඳ හෙලීමට සමත් වී තිබෙනවා.

ග්ලැමෝගන් ප්‍රාන්තය සමඟ පැවැත්වෙන ප්‍රාන්ත ශූරතා තරගයේ දී ඔහු මෙලෙස ලකුණු 82කට කඩුලු පහක් බිඳ හෙලූ අතර, එම කණ්ඩායමේ මුල් ඉනිම 387කට සීමා කිරීමට සමත්වුණා.

මුල් ඉනිමේ ලකුණු 368ක් රැස් කළ ඩර්බිෂයර් පිල දෙවන ඉනිමේ දී කඩුලු දෙකක් දැවී ලකුණු 170ක් ලබා සිටියා.

34 හැවිරිදි සුරංග ලක්මාල් එංගලන්ත ප්‍රාන්ත පිලට එක්වූයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව යි.

COMMENTS

Wordpress (0)