එම්මානුවෙල් මැක්‍රෝන්ට  විශිෂ්ට ජයක්

එම්මානුවෙල් මැක්‍රෝන්ට විශිෂ්ට ජයක්

ප්‍රංශ ජනාධිපතිවරණ සටනින් වත්මන් ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගෙන තිබේ.

ජයග්‍රහණයෙන් පසු ජනතාව වෙත අදහස් දක්වමින් මැක්‍රෝන් රටේ පාලනය භාරදීමට ඔහු කෙරෙහි විශ්වාසය තැබූ ප්‍රංශ ජනතාවට තුති පුද කළේය.

ප්‍රංශ ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව මධ්‍යස්ථ මතධාරී එම්මානුවෙල් මැක්‍රෝන් ඉහළ ජයක් ලබාගෙන තිබේ.

එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශිත ඡන්දවලින්  58.55%ක් ලබා ඇති අතර ප්‍රතිවාදී මරීන් ලී පෙන් ලබා ගෙන ඇත්තේ 41.45%ක ප්‍රතිශතයකි.

ඒ අනුව බලාපොරොත්තු වූවාට වඩා විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගනිමින් 44 හැවිරිදි මැක්‍රෝන් තවත් පස් වසරක ධුර කාලයක් සඳහා දෙවැනි වතාවටත් ප්‍රංශ ජනාධිපති ධුරයට පත්වුණි.

ජයග්‍රහණය සැමරීම සඳහා මැක්‍රෝන්ගේ ආධාරකරුවන් පැරිස් නුවරට එක්රැස් වී සිටියේය.

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් දක්ෂිණාංශික ජාතිකවාදී අපේක්ෂිකා මරීන් ලී පෙන් පරාජයට පත් කරමින් එම්මානුවෙල් මැක්‍රෝන් ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් යුරෝපා නායකයන් ද සතුට පළකර තිබේ.

යුරෝපා හවුලට හිතවත් ජනාධිපතිවරයාට මුලින්ම දුරකථනයෙන් සුබ පතන ලද්දේ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂෝල්ස් විසිනි.

එම්මානුවෙල් මැක්‍රෝන්ට සුබ පැතුම් එක් කළ ලෝක නායකයන් අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ද වේ.

 

COMMENTS

Wordpress (0)