FAST NEWS

24×7 Around the Globe

ආහාර හිඟයක් එන නිසා අඩුවෙන් ආහාර ගන්නැයි නියෝග

(ෆාස්ට් නිව්ස් |  උතුරු කොරියාව) – උතුරු කොරියානු ආඥාදායක කිම් ජොන්ග් එරට ජනතාවගෙන් අඩුවෙන් ආහාර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට හේතුව එරට දරුණු සාගතයකට මුහුණපාන බවට ලකුනු පහළවීමය.

උතුරු කොරියානු රජයේ නිලධාරීන්ට අනුව කිම් ජොන්ග් පවා සිය දෛනික ආහාර වේල් මාත්‍රාව අඩු කර ඇත.
2022 දී උතුරු කොරියානු ආඥාදායක කිම් ජොන් උන්ගේ ප්‍රධාන ඉලක්කය ආර්ථික සංවර්ධනයයි. මේ සමඟම ඔහු ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ අඩුවෙන් ආහාර ගන්නා ලෙසයි. උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය පවසන පරිදි, Kim Jong කොරියානු කම්කරු පක්ෂයේ (WPK) රැස්වීමකදී මේ පිළිබඳව තොරතුරු ලබා දුන්නේය. කිම් පැවසුවේ – දැන් රට තුළ කර්මාන්තශාලා පිහිටුවීමේ කටයුතු සිදු කෙරෙනවා. එයින් ජන ජීවිතය වැඩිදියුණු වනු ඇති. මේ වන විට රට සිටින්නේ ‘ජීවිතයත් මරණයත් සමඟ’ සටනක.. මේ නිසා කැපකිරිම් කළ යුතුය.

මාධ්‍ය විසින් නිකුත් කරන ලද පින්තූරයේ ඔහු පෙරට වඩා බොහෝ සෙයින් කෙට්ටු බව පෙනේ. රාජ්‍ය නිලධාරීන්ට අනුව කිම් ජොන්ග් සිය මාත්‍රාව අඩු කර ඇත්තේ රට තුළ පවතින ආහාර හිඟය සැලකිල්ලට ගෙන බව දන්වා ඇත. මේ සමඟ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු අඩුවෙන් ආහාර ගන්නා ලෙස ඔහු රටේ ජනතාවට නියෝග කර තිබේ.