FAST NEWS

24×7 Around the Globe

වෙළෙඳ අමාත්‍ය පාකිස්තානයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

ලබන 23 වනදා එම සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර ‍වෙළෙඳ අමාත්‍යවරයා සමග ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින් පිරිසක් මෙලෙස සංචාරයේ නිරත වන බව වාර්තා වේ.

දෙරටේ වෙළෙඳ හා ආයෝජන සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සංචාරය සිදු කෙරෙන බව සඳහන් වේ.

මීට අමතරව පාකිස්තානයේ ඖෂධ සහ රෙදිපිළි ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය පවසයි.